50කගේ දිවි අහිමි කළ අනතුර

සැප් 09, 2024
    නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරට ලක් වීමෙන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

    අනතුර සිදු වී ඇත්තේ, නයිජීරියාවේ උතුරු දිග ආගී ප්‍රදේශයේදී.

    තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මේ වන තෙක් ප්‍රකාශයට පත් වී නැහැ.
    ඉන්ධන රැගත් රථය, ගවයින් රැගෙන යමින් තිබූ රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අපරික්ෂාකාරී රිය ධාවනය ඊට හේතු වී ඇති බවට, බලධාරීන් අනුමාන කරනවා.
    අනතුරට ලක් වූ සියලුදෙනාම එම ස්ථානයේදීම මුළුමණින්ම පිලිස්සී මිය ගොස් සිටි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News