නයිජීරියාවට දරුණු ගංවතුරක්

සැප් 12, 2024
    නයිජීරියාවේ වේල්ලක් කැඩී යාමෙන් දරුණු ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.
    මිලියනයක පමණ ජනතාවක් ඉන් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
    ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඊසාන දිග නයිජිරියාවේ “බෝර්නෝ” ප්‍රාන්තයටයි.
    නිවාස දහස් ගණනක් විනාශ වී ඇති බව බලධාරින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දරුණු ගංවතුර තත්වය හමුවෙ දැඩි මානුෂිය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවයි.
    අවතැන් ජනතාවට කඩිනමින් සහන සැලසීමට එරට රජය පියවර ගනිමින් සිටිනවා.

    Latest News