සෞදි සංවර්ධන අරමුදලේ 50 වැනි සංවත්සරයට මෙරට තානාපතිගෙන් සුභ පැතුම්

සැප් 27, 2024

    ශ්‍රී ලංකාවේ සංවර්ධන සහකරුවෙකු වන සෞදි සංවර්ධන අරමුදල වෙත එහි 50 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා සුභ පැතුම් එක් කරයි.

    සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් විසින් සෞදි සංවර්ධන අරමුදලෙහි ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් අල්-මර්ෂාඩ් සමඟ පැවති සාකච්ඡාවේදී "ගෝලීය බලපෑමේ 50 වසර සැමරීම" යන තේමාව යටතේ සමරනු ලබන සෞදි සංවර්ධන අරමුදලේ 50 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සංවර්ධන හවුල්කරුවා වන සෞදි සංවර්ධන අරමුදල (SFD) වෙත සුභ පැතුම් එක් කරන ලදී. ප්‍රධාන විධායක නිලධාරි (නියෝජ්‍ය) ඉංජිනේරු ෆයිසාල් එම් අල්-කතානි ද මෙම හමුවට සහභාගී විය.

    මෙම හමුවේදී තානාපති අමීර් අජ්වාඩ් විසින් ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් අල්-මර්ෂාඩ් සහ සෞදි සංවර්ධන අරමුදලේ කාර්ය මණ්ඩලය වෙත වසර 50ක ගෝලීය බලපෑම හමුවේ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ නොමඳ සහයෝගය ලබාදීම පිළිබඳව උණුසුම් සුභපැතුම් හා ප්‍රශංසාව පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික පසුබෑම නොතකා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සෞදි සංවර්ධන අරමුදල වෙත ප්‍රශංසාව පලකරන බව තානාපති අමීර් අජ්වාඩ් මහතා මෙහිදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම සහ කොළඹ ජාතික රෝහලේ ස්නායු කම්පන ඒකකය වැනි සෞදි සංවර්ධන අරමුදලේ අරමුදල් සහිත ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමේදී 2000 සිට 2003 දක්වා ඔහු රාජධානියේ සේවය කළ කාලය තුළ සෞදි සංවර්ධන අරමුදල සමඟ ඔහු කළ අන්තර් ක්‍රියා තානාපතිවරයා සිහිපත් කළේය.

    ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට තම අඛණ්ඩ කැපවන බව ද ඔහු සහතික කළේය.

    ප්‍රතිචාර වශයෙන්, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අල්-මර්ෂාඩ්, තානාපති අමීර් අජ්වාඩ් මහතාව රාජධානියට උණුසුම් ලෙස පිළිගත් අතර තානාපතිවරයාගේ කාරුණික හැඟීම්වලට ස්තූතිවන්ත වෙමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සඳහා සෞදි අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව නැවත තහවුරු කළේය.

    වර්ෂ 1974 දී පිහිටුවන ලද සංවර්ධන අරමුදල, සෞදි අරාබි රාජධානියේ ප්‍රධාන ජාත්‍යන්තර සංවර්ධන හස්තය වන අතර, අවම ජිවන පහසුකම් සහිත ප්‍රජාවන්ගේ ජිවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් හා ආධාර අවශ්‍ය රටවලට උපකාර කිරීමේ අරමුණින් සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සහණදායී ණය සහ ප්‍රදාන ලබා දෙයි.

    සෞදි සංවර්ධන අරමුදල දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලෙස සෞදි රියාල් බිලියන 1.5 (ඇමරිකානු ඩොලර් මිලියන 438) වටිනා සහනදායී ණය ආධාර ලබා දී ඇත. කොළඹ ජල සම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිය (1981), කින්නියා පාලම, ශ්‍රී ලංකාවේ දිගම පාලම, කොළඹ ජාතික රෝහලේ ස්නායු කම්පන ඒකකය, කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨය, වයඹ විශ්වවිද්‍යාල නගර, පේරාදෙණිය - බදුල්ල - චෙන්කලඩි මාර්ගය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති පහළොවක් (15) සඳහා සංවර්ධන අරමුදල විසින් ඔවුන්ගේ ගෝලීය සංවර්ධන ආධාර වැඩසටහන යටතේ අරමුදල් සපයන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමේදී සංවර්ධන අරමුදල හි දායකත්වය තවදුරටත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

    තානාපතිවරයා සමඟ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය/දුත මණ්ඩල ප්‍රධානී මොහොමඩ් අනාස් මහතා ද සහභාගී විය.

    2

    3

    Latest News