ලෝක මහා බලවතාද? බලවතියද?

නොවැ 06, 2024

    2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ චන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතර ඇතැම් ප්‍රාන්තවල නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

    මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිපලවලට අනූව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ආසන 177 ක් දිනාගෙන සිටින අතර උප ජනාධිපති කමලා හැරිස් ආසන 99 ක් දින ගෙන සිටිනවා.

    ජෝර්ජියා, පෙන්සිල්වේනියාව, මිචිගන්, ඇරිසෝනා සහ විස්කොන්සින් වැනි තීරණාත්මක ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් වී ඇති අතර ඡන්ද ගණන් කිරීම වේගවත් වෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි, පුරෝකථන කර ඇති ප්‍රාන්ත වන්නේ, ඇලබාමා, මිසූරි, ඔක්ලහෝමා, ටෙනසි යන ප්‍රන්තයි.

    මේ අතර, කමලා හැරිස් කොලොම්බියා ප්‍රාන්තය, මේරිලන්ඩ් මෙන්ම මැසචුසෙට්ස් ප්‍රාන්තය දිනා ගනු ඇතැයි නිකුත් කර ඇති ප්‍රතිඵල වලින් එරට මාධ්‍ය පුරෝකන්තය කොට තිබෙනවා.

    ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ කමලා හැරිස් ඇමෙරිකානු ජනාධිපති වීමට නම් ආසන 538 න් ආසන 270 ක් දිනා ගැනීමට සිදු වනවා.

    Latest News