සෞදි අරාබියේ මෙරට තානාපතිට සෞදි නි.ඇමතිගෙන් උණුසුම් පිළිගැනීමක්

ඔක් 16, 2024

    සෞදි අරාබි රාජධානියේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නසාර් බින් අබ්දුල්අසීස් අල්-දාවුද්, සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතාව 2024 ඔක්තෝම්බර් 08 වන දින රියාද් හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලස්ථානයේදී පිළිගනු ලැබීය.

    සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදෙමින් ඔහුගේ ඉදිරි සේවා කාලයතුළ ඉතා ඵලදායී අයුරින් කටයුතු කිරිමටය හැකිවේවා යයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නසාර් අල්-දාවුඩ් මහතා ප්‍රාර්ථනා කළේය. රාජධානියේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා රාජධානියේ සාමය සහ සමෘද්ධිය සඳහා රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ලබා දෙන සහයෝගීතාවය සහ දායකත්වය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර මිත්‍ර රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට තම සහයෝගය ලබාදෙන බව සහතික කරන ලදී. .

    නියෝජ්‍ය අමාත්‍ය, විසින් ප්‍රකාශ කරන ලද අදහස්වලට තානාපති අමීර් අජ්වාඩ් මහතා සිය හෘදයාංගම කෘතඥතාව පළ කරමින්, අපරාධ කටයුතුවලදී සහ දඬුවම් පැවරීම සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහය පිළිබඳ අවබෝධතා ගිවිසුම හා වැරදිකරුවන්වු පුද්ලයන් නැවත සිය මව්බිමට පිටත් කර හැරීමට සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුම (MoU) යන දෙරට විසින් අවසන් කරමින් පවතින ද්විපාර්ශ්වික සහයෝගීතා විධිවිධානයන් අවධාරණය කළේය. සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සාමකාමී සහජීවනය සහතික කිරීමේ අරමුණින් රාජධානියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීමට තමා කැපවන බවද තානාපති අමීර් අජ්වාඩ් මහතා ප්‍රකාශ කළේය.

    තානාපති අමීර් අජ්වාඩ් තානාපතිවරයා සමඟ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය / දුත මණ්ඩල ප්‍රධානී මොහොමඩ් අනාස් මහතා ද සහභාගී විය.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2024 18:47

    Latest News