එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ, විනිසුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කිරීමට හැකි වූ බවයි. බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වීමට පුද්ගලයෙකු උත්සාහ දරා තිබෙනවා. බලධාරීන් පවසන්නේ, ඔහු නතර කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව මෙම පිපිරීම් සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මකයි. ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.