මහා බ්‍රිතාන්‍යයේ, කම්කරු පක්ෂ නව රජයේ පළමු අයවැය, ඊයේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
එරට සියලු බදු, බ්‍රිතාන්‍ය පවුම් බිලියන 40 කින් ඉහළ නැංවීමේ යෝජනාවක් ද එහි ඇතුළත්.
මහා බ්‍රිතාන්‍යයේ නව මුදල් අමාත්‍යවරිය වන, “රැචල් රීව්ස්” විසිනුයි, එම පළමු අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.
එරට මහජන සේවාවන් සඳහා පුළුල් ලෙස නව අරමුදල් සැපයීම අරමුණු කරගනිමින්, බදු ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
වසර 14 ක කාලයක් විපක්ෂයේ සිටි එරට කම්කරු පක්ෂයේ පළමු අයවැයට අනුව, බ්‍රිතාන්‍ය රජයේ ආයෝජන ඉඩ ප්රස්ථා පුළුල් වන පරිදි සහ එරට ආර්ථික වර්ධනය සඳහා පවතින නීති වෙනස් කරන බවද නව මුදල් අමාත්‍යවරිය එරට පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.
එරට ජාතික සෞඛ්‍ය සේවය සඳහා අතිරේක පවුම් බිලියන 25 ක් නව අයවැයෙන් යෝජනා කර තිබෙනවා.