ඊසානදිග මෝසම් සුළං සමග වර්ෂාවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් පවතින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව, එම පළාත් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
වසරේ මේ දක්වා සමස්ත දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 43,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ 20 ක් සිදුව තිබෙනවා.
රෝගීන් 20,000 ක් වාර්තා වී ඇත්තේ, වසරේ මුල් මාස තුනේදි. ඊට හේතුව 2023 වසර අග භාගය වනවිට ඩෙංගු රෝගය අධි වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමයි.
මාර්තු මාසයෙන් පසු හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 ක්.
ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ 8 ක් හඳුනා ගෙන ඇති අතර වැඩිම අවදානම මතුව ඇත්තේ, බස්නාහිර පළාත ආශ්‍රිතවයි.
මේ වන විට බස්නාහිරින් පමණක් ඩෙංගු රෝගීන් 18,192 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, ඉකුත් වර්ෂය හා සසඳන විට මේ වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි.