කලකිරීමට පත්නොවන ලෙසත්, නිදහස හා යුක්තිය වෙනුවෙන් අනාගතය සඳහා සංවිධාන වියයුතු බවත් අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා, උප ජනාධිපතිනි කමලා හැරිස් තම ආධාරකරුවන් අමතා ප්‍රකාශ කර තිබෙනවා.
රට අඳුරු කාලයකට ඇතුලු වන බව බොහෝ දෙනෙකුට හැඟී ගොස් තිබුණද සියලුදෙනාගේ යහපත වෙනුවෙන් එය එසේ නොවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද ඇය කියා සිටිනවා.
බීබීසී පුවත් සේවය පවසන්නේ කමලා හැරිස් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සිය සුභ පැතුම් එක්කළ බවයි.
ඇය සිය ආධාරකරුවන් අමතා කළ කතාව හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඇය විසින් සිදුකරන ලද දේශනය අමෙරිකානු ජනතාව වෙනුවෙන් සිදුකළ හොඳම දේශනයක් බවයි.
කමලා හැරිස් ධෛර්යමත් විශිෂ්ට රාජ්‍ය සේවිකාවක ලෙසද ජෝ බයිඩන් විසින් ඇය හඳුන්වා දී තිබෙනවා.