පිරිමින්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන මුදල් ගැරූ ජාවාරමක්

නොවැ 06, 2024
    සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන අන්තර් ජාලයේ ප්‍රචාරය කරන බවට පවසා මුදල් ලබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පිරිමි පුද්ගලයෙක් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩනඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර් ජාලයේ පළ කරන බවට පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 07ක මුදලක් බලෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් පසුගියදා (04) එම ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මතයි මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු ඊයේ (05) දෙහිවල පොලිස් වසමේ කවුන්සිල් ඇවිනිවු පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
    සැකකරු වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
    සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    Latest News