ලෙබනනයේ ඓතිහාසික "බාල්බෙක්" නගරයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබෙනවා.
නගර වැසියන්ට ඉවත්වීමේ නියෝග නිකුත් කිරීමෙන් පසුවයි, ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ල කර ඇත්තේ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මිය ගිය පිරිස අතර කාන්තාවන් 8 දෙනෙකු සිටින බව සඳහන් වනවා. ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායල හමුදාව විසින් "බාල්බෙක්" නගරයේ සහ ඊට අසල්වැසි නගරයේ ජනතාවට ඉවත්වීමේ නියෝග ද නිකුත් කළා.
ඒ අනුව, එහි පදිංචිකරුවන් දස දහස් ගණනක් පලා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
ඊශ්‍රායල හමුදාව කියා සිටියේ, "බාල්බෙක්" නගරයේ පිහිටි හිස්බුල්ලා අණ දෙන සහ පාලන මධ්‍යස්ථාන මෙන්ම, හිස්බුල්ලා යටිතල පහසුකම් පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.
පෞරාණික රෝමානු සිද්ධස්ථාන සංකීර්ණයක් ඇතුළු ඓතිහාසික ස්ථානවලින් සමන්විත, යුනෙස්කෝ සංවිධානය ලැයිස්තුගත ඓතිහාසික නගරයක් ලෙසයි, "බාල්බෙක්" සැලකෙන්නේ.