"ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යනවාදැයි අපිට සැක සිතුනා. ප්‍රදේශවාසීන් සියලු දෙනාම, ස්වාමීන් වහන්සේලා, පොලිසියේ නිළධාරීන් රාජ්‍ය නිලධාරීන් එක්ව අපි අදාල ස්ථානයට ගියා.
නමුත් අපිට වැටහුනා කරන්නේ වෙන දෙයක් බව. ඒ අවස්ථාවේ ජෙරම් කියන පුද්ගලයා පැමිණියා. ඔහු ගැන රටේ තියෙන්නේ හොඳ චිත්‍රයක් නෙවෙයි. මෙතන ඉන්න බෞද්ධ,හින්දු, ස්ලාම්, ක්‍රිස්තියානි මේ කිසිම කෙනෙක් ජෙරම්ට කැමති නෑ.. ඔහුගේ ආරක්ෂකයින් අපට පහර දෙන්න හැදුවා. පොලිසිය මැදිහත් නොවුනා නම් අපිත් ඔවුන්ට පහර දෙනවා.
අපි ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලනවා මේ වගේ විකෘත්ති පුද්ගලයන්ව බැඳල දාන්න " යනුවෙන් ගම්වාසීන් අදහස් දැක්වූවා.
නාවලපිටිය පොලිසිය මැදිහත් වී තත්වය සමතයට පත් කළා.