'චිඩෝ" ප්‍රංශයේ මයෝට් දූපත ආක්‍රමණය කරයි

දෙසැ 16, 2024

    ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් 'මයෝට්' දූපතේ ඇතිවූ චිඩෝ සුළි කුණාටුවෙන් සියගණනක් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙනවා.

    ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ මියගිය පිරිස දහස් ගණනක් විය හැකි බවයි.

    මයෝට් දූපත ආශ්‍රිත කලාපයට බලපෑ චිඩෝ සුළි කුණාටුව පැයට කිලෝමීටර 225 කට වැඩි වේගයකින් හමාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    සුළි කුණාටුවෙන් දූපතේ ජනාවාස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

    බොහෝ දිළිඳු ජනතාවකගේ ජීවත් වන පැල්පත් විනාශ වී ඇති බව සඳහන්.

    මයෝට් දූපතේ ජනගහනය තුන්ලක්ෂ විසිපන්දහසක් පමණ වන අතර, ඔවුන් මේ වන විට ආහාර, ජලය, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දුෂ්කරතාවකට මුහුණපා සිටිනවා.

    බහුතර ජනතාවකට කිසිදු ආකාර‍යක හිසට සෙවනක් නොමැති බවයි වාර්තා වන්නේ. මෙම දූපතේ සියයට 75 කට වැඩි ජනගහනයක් දිළිඳු ජනතාවයි.

    මැඩගස්කරය ආසන්නයේ පිහිටා ඇති මයෝට් දූපතේ විදුලි සැපයුම ද විශේෂ වශයෙන් අඩාල වී තිබෙනවා. මෙම දූපතට වසර 90 කින් පසු බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙයයි.

    Latest News