ලොව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බහුලව භාවිත කරන රටවල් ශ්‍රේණිගත කරන අන්තර්ජාලය භාවිත කිරිමේ ලැයිස්තුවේ නවතම දර්ශකයට අනුව අමෙරිකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
දෙවැනි තැන සිංගප්පූරුවට හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව එම ලැයිස්තුවේ 49 වැනි ස්ථානයට පත්වී ඇති ඉන්දියාව පළමු රටවල් 50 අතර සිටින එකම දකුණු ආසියාතික රට වන බවත් විශේෂත්වයක්.
එම ලැයිස්තුවේ පළමු සියය අතරට එක්වූ ආසියාතික රටවල් ලෙස බංග්ලාදේශය 89 වැනි ස්ථානය ද, ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානය සහ පාකිස්තානය 97 වැනි ස්ථානය අත්කරගෙන සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
දකුණු කොරියාවට පස්වැනි ස්ථානය සහ චීනයට 17 වැනි ස්ථානය හිමි වී ඇතැයි ද වාර්තා වනවා.
ආදායම් හා කලාපීය මට්ටමෙන් ද වර්ගීකරණය කර ඇති එම දර්ශකයට අනුව ධනවාදී රටවල් අතර වැඩිම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කරන රට ලෙස අමෙරිකාව පෙරමුණට පත්වී තිබෙනවා.