2022.03.31 වැනි දින මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපලවලට අලාභ හානි සිදුකර ඒ අසළ වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයන් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.