වතුකරයේ පාසල්වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්

අප්‍රේ 27, 2021

    සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව (27) දින පාසල් ආරම්භ කලද වතුකරයේ සහ ප්‍රධාන නගරාසන්න පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ඇති බව විදුහල්පතිවරුන් පවසයි.

    පාසලට පැමිණි ළමුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාසලට ඇතුලත් කරගත් බවත්, පාසලේ සමස්ත සිසුන් පිරිසගෙන් 50% ක ධාරිතාවෙන් ළමුන් පාසලට ඇතුලත් කරගත් බවයි, විදුහල්පතිවරුන් කියා සිටියේ.

    'කොවිඩ් 19' වෛරසය අසාදනය වූ ගුරුවරියක් හමු වු හැටන් බොස්කෝ විදුහලේ 9 වැනි ශ්‍රේණිය තවදුරටත් වසා දමා තිබේ. එම පාසලේ සිසුන් 31 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙක් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

    හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුවෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වීම නිසා එම පාසලේ ද 2 සහ 4 ශ්‍රේණි තවදුරටත් වසා දමා එහි සිසු සිසුවියන් කිහිප දෙනෙකු සහ ගුරුවරුන් ස්වයංනිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

    Latest News