පාර්ලිමේන්තුවේ පසුගිය දිනක ඇති වූ මිරිස්කුඩු ප්‍රහාරය ඇතුළු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් වරදකරුවන් වූ අයට දඬුවම් ලබාදිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු අද (7) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
ජනාධිපතිතුමන් විසින් පසුගිය දා පත් කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියේ පිටපතක් ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ජනාධිපතිතුමන් වෙත දැනුම්ද දීමට කථානායක කරු ජයසුරිය මහතා විසින් පියවර ගෙන තිබේ.