දිල්ලියේ වායු දූෂණය ඉහළට

නොවැ 19, 2024
    ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වායු දූෂණය අතිශය දරුණු ලෙස ඉහළ ගොස් ඇති බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
    අගනුවර පුරා ඝන දුමාරයකින් වැසී ගොස් ඇති බව, සඳහන්.
    නවදිල්ලි අගනුවර පුරා පැතිර යමින් පවතින විෂ සහිත ඝන දුමාරය හේතුවෙන් නගර වැසියන් බොහෝ පිරිසකට ස්වශන අපහසුතා වැනි සෞඛ්‍යමය ගැටලු උද්ගත වී තිබෙනවා.
    පාසල් හා අනෙකුත් අධ්‍යාපනික ආයතන තවදුරටත් වසා තැබීමටයි, පියවර ගෙන ඇත්තේ.
    අගනුවර අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් කටයුතු ද තහනම් කර තිබෙනවා.
    විෂ සහිත වායූන් හේතුවෙන් ගුවන් ගමන් වලට ද එල්ල වී ඇත්තේ, දැඩි බාධාවක්. ඉදිරි දිනවල නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් දරුණු විය හැකි බවට ඉන්දීය බලධාරීන් අනතුරු අඟවනවා.

    Latest News