හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකට බිලි

නොවැ 18, 2024
    හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානි මොහොමඩ් අෆීෆ් මධ්‍යම බේරූට් හී දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ලෙබනන් හමුදා ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

    මෙම ප්‍රහාරය ඊයේ එල්ල කර ඇත්තේ ජනාකීරණ රාස් අල් - නාබා හි පිහිටි බාත් දේශපාලන පක්ෂ මූලස්ථානය ඉලක්ක කරගෙනයි.

    එහිදී පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් මෙතෙක් හඳුනාගෙන නැහැ.
    ප්‍රහාරයෙන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
    මියගිය අෆීෆ් අවසන් වරට බේරුට් හි දකුණු තදාසන්න ප්‍රදේශවල මාධ්‍ය හමවුවක් පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. හිස්බුල්ලා සංවිධානය අෆීෆ්ගේ මරණය තහවුරු කළ බව සඳහන්.

    Latest News