ටෙස්ලා සමාගම විධායක අධ්යක්ෂ එලෝන් මස්ක් ලොව සිටින ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ් සඟරාව පෙන්වා දෙනවා.
ඔහුගේ ශුද්ධ වත්කම් අගය ඩොලර් බිලියන 334.3ක් ලෙසයි, වාර්තා වන්නේ.
2021 වසරේ ඔහු විසින් පිහිටවූ වාර්තාව මේවන විට ඔහු විසින්ම බිඳ දමා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්රහණයෙන් පසු එලෝන් මස්ක් ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන ලද විදුලි වාහන සමාගමක් වන ටෙස්ලා හි කොටස් ඉහළයාමත් සමග ඔහු ග්‍රහලෝකය තුළ ජීවත් වන ධනවත්ම පුද්ගලයා ලෙස නම් කොට තිබෙනවා.
ෆෝබ් සඟරාව පෙන්වා දෙන්නේ, ඉකුත් නොවැම්බර් 22 වැනි දින වෙළඳපොල අගය අනුව මස්ක්ගේ ශුද්ධ වටිනාකම වාර්තාගත ඩොලර් බිලියන 321.7ක් වූ අතර, ටෙස්ලා කොටස් සියයට 3.8කින් ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් බිලියන 352.56ක නව අගයක් කරා වර්ධනය වී ඇති බවයි.
ඔහුගේ වත්කම් අතරට ඩොලර් බිලියන 50ක වටිනාකමින් යුත් මස්ක්ගේ XAI සමාගම ඔහුගේ වත්කමට එක්වන අතර, ඩොලර් බිලියන 210ක වටිනාකමකින් යුත් ස්පේස් X සමස්ත ශුද්ධ වටිනාකමට ද එක්වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.