අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්ය්යාංශය මගින් ජනතාව වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
▶︎ පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
▶︎ පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම
▶︎ අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම
▶︎ පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.
▶︎ හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම.
▶︎ එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම.
▶︎ වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම. වැදගත් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.