ටී-56 ගිනි අවියක් රැගෙන රටින් පළා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ ගිනිඅවිය සොයාගෙන තිබෙනවා. ඒ බඩෝවිට ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදීයි. එම ගිනිඅවිය සඳහා යොදාගන්නා උණ්ඩ 30ක් පොලිස් භාරයට ගෙන ඇත. ඊට අමතරව සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් අනුව ඊයේ (17) එම ගිනිඅවිය හා උණ්ඩ මෙලෙස සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි. Twitter