අමෙරිකාවට තවත් ආපදාවක් ජීවිත 10ක් බිලි

පෙබ 18, 2025
    අමෙරිකාවේ ගිනිකොණ දිග ප්‍රදේශ රැසකට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර තත්වය හේතුවෙන්, මියගිය සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ‍ ගොස් තිබෙනවා.

    පවතින අයහපත් තත්වය හේතුවෙන් කෙන්ටකී ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

    ගංවතුර තත්වය හේතුවෙන්, පීඩාවට පත් වූ පුද්ගලයින් දහසකට වඩා බේරා ගැනීමට හැකි වූ බවයි, ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ.
    ගංවතුර තත්වය සමග ප්‍රදේශ රැසක දැඩි ශීත කාලගුණයක් පවතින අතර, මාර්ග රැසක ගමනා ගමන කටයුතු තාවකාලිකව අවලංගු කොට තිබෙනවා. මාර්ග 300 ක් පමණ වසා දමා ඇති බවයි, වාර්තා වන්නේ.
    කෙන්ටකී, ජෝර්ජියා, ඇලබාමා, මිසිසිපි, ටෙනසි, වර්ජිනියා, කැරොළිනා යන ප්‍රාන්ත ඉදිරි දින කිහිපය තුළදී හිම කුණාටු තත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කොට තිබෙනවා.
    ප්‍රදේශ කිහිපයක ලක්ෂ 4කට අධික පිරිසකට විදුලිය විසන්ධිවීම් සිදු වූ බව, බලධාරීන් ප්‍රකාශ කරනවා.
    බොහෝ ප්‍රදේශවල ගංඟා ජලය ඉහළ මට්ටමක පවතින බැවින්, හදිසි ආපදා තත්වයක් වාර්තා විය හැකි බවයි, ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ.

    Latest News