මීනගයා දුම්රියට අලි 6ක් බිලි

පෙබ 20, 2025
    අද (20) අලුයම ගල්ඔය ප්රදේශයේ දී, මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා සීඝ්රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව තිබෙනවා.

    අනතුරෙන් වන අලින් හය දෙනෙකු ද මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
     
    පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2025 08:28

    Latest News