මෙක්සිකානු ජාතිකයෙකු ලෝක රූ රැජිණ කිරුළට හිමිකම් කියූ පළමු අවස්ථාව මෙයයි. වෙළෙඳ කටයුතු පිළිබඳ උපාධිධාරිණියක් වන වැනේසා ෆොන්සේ මානව හිමිකම් ක්රියාකාරිණියකි. 26 වැනි වියේ පසුවන ඇය 68 වැනි ලෝක රූ රැජිණයි.
පසුගිය වසරේ ලෝක රූ රැජිණ වූ ඉන්දියානු ජාතික මනූෂි චිලා ඇයට කිරුළ පැළඳවූවාය. රූ රැජිණ තරගයේ දෙවැනි ස්ථානය තායිලන්ත තරගකාරිණියට හිමිවිය. චීනයේ හයිනාත් දූපතේ දී තරගය පැවැත්විණ. 117 දෙනෙක් ඊට සහභාගි වූහ.
සියලු දෙනා බලාපොරොත්තු වී සිටි ඉන්දියානු තරගකාරිණියට අවසන් 12 දෙනා අතරටවත් සුදුසුකම් ලැබීමට නොහැකි විය.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..