සිවිල් ආරක්ෂක නිලධාරීන්ට පොදු සමා කාලයක්

ජන 17, 2020

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය අතහැර ගිය නිලධාරීන්ට පෙබරවාරි 20 වැනි දිනට පෙර යළි සේවයට වාර්තා කිරීමට පොදුසමා කාලයක් ලබා දී තිබේ.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශ කළේ වසර 10 සම්පුර්ණ කළ නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් හිමිවන බවයි.

    සේවය හැර ගොස් සිටින නාවික හමුදවේ සාමාජිකයින් හටද පෙබරවාරි 05 වන දින සිට සතියක කාලයක් තුළ යළි සේවයට වාර්ථා කිරීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    පසුගිය වසරේ සැප්තැම්බර් 30 වන දිනට පෙර සේවය අතහැර ගිය පුද්ගයන්ට පමණක් යළි සේවයට එක්වීම හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ඒ අනුව අවස්ථාව හිමිවන බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

    මේ අතර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශයකයෙකු වු කොමදෝරු ඩී. කේ. පී දසනායක මහතා රියර් අද්මිරාල් තනතුර දක්වා උසස් කර තිබේ.

    2008- 2009 වසර වලදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගිය බවට පසුගිය රජය සමයේදී ඔහුට එරෙහිව චෝදනා එල්ල කර තිබිණ.

    Latest News