මංගල සමරවීර මහතා සුරාබදු බලපත්‍ර ලබාදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළා; පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි (වීඩියෝ)

ජන 21, 2020
  • හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා එෆ්එල් හතර වර්ගයේ සුරාබදු බලපත්‍ර ලබාදී රුපියල් ලක්‍ෂ පන් දහසක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇති බව, සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.

    එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඒ බව දැනුම්දීම සඳහා අද සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ, කෘත්‍රිම රා නිෂ්පාදනය පිළිබඳව තමා මීට පෙර කළ පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති පියවර විමසා බැලීම ද මෙහිදී සිදු කළ බවයි.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 19:59

    Latest News