නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිව්වන අදියර ආරම්භ කිරීමට සූදානම්

මාර් 06, 2020

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිව්වන අදියර ආරම්භ කිරීමට සූදානම් බව, ඉංජිනේරුවන් පවසනවා.

    2014 වසරෙන් පසු එහි සංවර්ධන කටයුතු සිදු නොකිරීමෙන් රටට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 146ක්. 2006 මැයි මස 11 වැනි දින එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ වැඩ ආරම්භ කෙරුණු නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු අදියර 2011 මාර්තු මස 22 වැනි දින ජනතා අයිතියට පත් කෙරුණා. දෙවන අදියර 2014 වසරේ සැප්තැම්බර් 16 වැනි දින විවෘත කෙරුණේ, චීන ජනාධිපති ෂී-ජින්-පිං සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. දැනට සමස්ත විදුලි උත්පාදනයේ 40%ක් සිදු කෙරෙන්නේ මෙම විදුලි බලාගාරයෙන්.

    ඉන් අඩුම පිරිවැයකින් විදුලිය ජනනය කිරීමට හැකියි. අක්කර 272ක භූමි ප්‍රදේශයක බලාගාරය ඉදිකර ඇති අතර අක්කර 20ක කඩොලාන වැවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එහි සිටුවා ඇති පැළ සංඛ්‍යාව තිස්පන් දහසකට අධිකයි. පරිසර හානිය අවම කිරීමට ද පියවර ගෙන අවසන්. තෙවන පාර්ශවයක් මගින් බලාගාරය සෑමවිටම නිරීක්‍ෂණය කෙරෙනවා. ගල් අඟුරු ප්‍රවාහනය හා ගබඩා කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි. බලාගාරයෙන් මෙගාවොට් 900 සමස්ත ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනවා.

    Latest News