ජනපති කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ මිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

මාර් 06, 2020

    දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

    ඒ ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. ලේකම්වරියට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා. ලේකම්වරියගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණා. නීති විරෝධීව ඇලි-ඇතුන් 5 දෙනෙකු සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්, අලි රොෂාන් නමැත්තාට එරෙහිව නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

    නඩුවේ විත්තිකරුවන් දේශපාලන පළිගැනීම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව ඊට අදාළ ලේඛන එම කොමිසම බාරයට ගෙන තිබුණා. ඒවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි, ත්‍රිපුද්ගල මහාධිකරණය කොමිසමේ ලේකම්වරියට නොතීසි නිකුත් කර තිබුණේ, එහෙත්, ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    Latest News