සාෆිට එරෙහි නඩුව අද විභාගයට ගැණින

ජූනි 25, 2020

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී මව්වරුන් වඳ භාවයට පත් කිරීම සහ අයතා ලෙස මුදල් ඉපැයීම සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ගොණුකළ නඩුව කුරුනෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද විභාගයට ගැනුණා.

    පසුගිය පාලන සමයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නඩුවේ සාක්ෂී වසන් කර තිබූ බවයි, මෙහිදී අනාවරණය වූයේ.

    මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට අද සාක්ෂි ඉදිරිපත් කළා.

    මව්වරුන් වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් ඉදිරිපත්ව සිටියා.

    නඩුව අගෝස්තු 26 වැනි දින යළි විභාගයට ගැනීමට නියමිතයි.

    Latest News