දිවයින පුරා ග්‍රාමසේවක පුරප්පාඩු 1500 ක්

ජූලි 02, 2020

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් 1500ක පමණ හිඟයක් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, ඉදිරියේදී විභාගයක් පවත්වා ඒ සඳහා සුදුස්සන් තෝරාගන්නා බවයි.

    එසේ නොමැති නම්, මීට පෙර පැවති විභාගයේ ප්‍රතිඵල මත ඉහළ ලකුණු මට්ටම් ලබා ඇති අපේක්ෂකයින් ඒ සඳහා බඳවා ගැනීමේ හැකියාවක් පවතින බව ද ලේකම්වරයා සඳහන් කළේය.

    මැතිවරණයෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙනු ඇති.

    දිවයින පුරා පවතින ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14,022කි.

    Latest News