කිරින්දේ අවහන්හලක පැවති FB සාදයක් වටලයි

අගෝ 19, 2020

    තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ අවහන්හලක් තුළ ‍මුහුණු පොත යොදාගනිමින් සංවිධානය කර තිබු සාදයක් වටලා තරුණියන් 06 දෙනෙකු හා තරුණයින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය ද සමග කිරින්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කිරින්ද පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (18) සවස මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයින් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තරුණියන් කොළඹ පදිංචිකාරිනියන් බව පොලීසිය පවසා ඇත.

    සැකකරුවන් හා සැකකාරියන් අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    Latest News