නිමි ඇඳුම් කර්මාන්තශාලා යළි විවෘත කෙරේ

සැප් 04, 2020

    මේ වනවිට වසා දමා ඇති සියළුම පේෂකර්ම හා අත්යන්ත‍්‍ර රෙදිපිලි කම්හල් යලි විවෘත කිරිමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර පවසයි.

    එහි පළමු පියවර ලෙස මෙරට සියළුම පේෂකර්ම කම්හල්වල අධ්‍යක්ෂවරුන් සාකච්ඡාවක් සඳහා කොළඹට කැඳවා ඇති බවයි.

    බතික් කර්මාන්තය හා අත්යන්ත‍්‍ර රෙදිපිලි කර්මාන්තය යළි නගාසිටුවීම සඳහා දැනටමත් මූලික අදියරේ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි, එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    බතික් නිෂ්පාදන හා නිමි ඇඳුම් පිටරටින් ගෙන්වීම මේ වනවිටත් තහනම් කර තිබෙනවා.

    රටට අවශ්‍ය නිමි ඇඳුම් රට තුළම නිපදවීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි බතික්, අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News