පසුගිය සතියේ පෙරහුරුවෙන් ලබාගත් දත්ත සහ තොරතුරු මත පදනම්ව, පොලිසිය මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ ඊයේ සිටයි.
කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 4ක මංතීරු නීතිය ක්‍රියාත්මකයි. මංතීරු තුනක් සහිත මාර්ගවල පළමු මං තීරුව බස්, ත්‍රී රෝද රථ සහ යතුරු පැදිවලට වෙන්කර තිබේ. දෙවන මං තීරුව සෙසු වාහනවලට වෙන්කර තිබුණ ද, යතුරු පැදි සහ ත්‍රී රෝදවලට ද එහි ගමන් කළ හැක.
තෙවන මං තීරුව අනෙකුත් වාහන සඳහා පමණක්ම වෙන් කෙරේ. මං තීරු හතරේ මාර්ගවල පළමු මං තීරු තුන සඳහා ක්‍රියාත්මක වන්නේ, මං තීරු තුනක් සහිත මාර්ගවලට අදාළ නීතියයි. එහි සිව්වන මං තීරුව වෙන් වන්නේ සෙසු වාහන සඳහායි.
මං තීරු නීතිය කඩකරන්නන් සම්බන්ධයෙන් මේ සතියේ දී දඩ මුදලක් අය නොකරන අතර, නීති උපදේශන සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රාදේශීය මට්ටමින් ද, මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීම ඊයේ ආරම්භ කෙරිණ. ගාල්ල නගරයේ එය අදත් ක්‍රියාත්මක කෙරිණ.