කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරිණ. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් නිවස ඉකුත් 19 වැනිදා අලුයම කඩා වැටුණේ ඊට පහලින් තිබූ හෝටලයක් මතටයි. අනතුරෙන් එම හෝටලය පවත්වාගෙන ගිය මව පියා සහ බිලිඳියකට දිවි අහිමි වූහ. ඔවුන්ගේ දේහයන් ඊයේ රාත්‍රී ඔවුන්ට අයත් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි තවත් නිවසක් වෙත රැගෙන යනු ලැබීය.
තිදෙනාගේ අවමංගල්‍ය මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේ දී හෙට (23) සිදුකිරීමට නියමිතයි.