යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පුරන් වැව් අමුණු පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීම මේ යටතේ සිදුවනවා.
ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 39 ක්.
මෙම වැඩසටහන මහවැලි එල් කලාපයේ කිරිඉබ්බන් වැව, ඇතාවැටුණු වැව හා වෙහෙර තැන්න යන කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහන් වැව හා හංසවිල වැව සංවර්ධනය කිරීම මෙසේ ඇරඹුනේ ගොවි ජනතාවගේ සහභාගීත්වය හා යුද හමුදවේ මෙහෙයවීම මතයි.
මෙමගින් කුඹුරු අක්කර 450ක් යල මහ දෙකන්නයේම වගා කිරීමට හැකි වන අතර, සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව දහසක්.
අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.