ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ දී

දෙසැ 13, 2020

    ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.

    රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ කපිල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    ජාතීන් අතර සහයෝගය වර්ධනය කිරීමට නොහැකිවී ඇත්තේ ඇතැම් දේශපාලනඥයින්ගේ බාධාකිරීම් හේතුවෙන් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    පැවැත්වීමට යෝජනාවී තිබූ සංඝ කථිකාවත සම්බන්ධයෙන් ද මහ නාහිමියන් විමසා සිටියේය.

    සංඝ විනිශ්චය මණ්ඩලයක් ඇතිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් ලේකම්වරයා මහ නාහිමියන් දැනුවත් කරන ලදි.

    Latest News