කොවැක්ස් එන්නත් නිල වශයෙන් බාරදෙයි

මාර් 07, 2021

    කොවැක්ස් එන්නත් තොගය වසංගත රෝග විද්‍යා අංශයේ ඖෂධ ගබඩාවට නිල වශයෙන් බාරදීම අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේදී සිදු කෙරිණ.

    ඔක්සිෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට බාරදෙනු ලැබුවේ යුනිෆේ ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් වයිබ් යන මහත්ම-මහත්මීන් විසින්.

    මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රසියා පෙන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News