පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය නවීකරණයෙන් පසු අද (12) සිට විවෘතයි

මාර් 12, 2021

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය නවීකරණයෙන් පසු අද විවෘත කෙරිණ.

    ඒ, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට මාස 3කට පමණ පෙර වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය නිර්දේශ අනුව තොග වෙළෙඳාම සඳහා අද (12) විවෘත කෙරිණ.

    වෙළෙඳ සංකීර්ණය නවීකරණයට රුපියල් මිලියන 54ක් වැය කෙරිණ. මෙය, ඉදිරියේදී අංග සම්පූර්ණ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට නියමිතයි. ඩග්ලස් දේවානන්දා, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු, කංචන විජේසේකර, ප්‍රසන්න රණවීර සහ නිමල් ලන්සා යන රාජ්‍ය අමාත්‍යවරු, ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News