සහල් හිඟයට, බියර් නිෂ්පාදනයද හේතුවක් - මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය (වීඩියෝ)

ජූනි 11, 2022
  • සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ගේ අක්‍රමිකතා හේතුවෙන් රජයට දෛනිකව අයවියයුතු රුපියල් මිලියන 400ක මුදලක් අහිමි වන බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසනවා.

    ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ, සුරාබදු පනතින් බියර් නිෂ්පාදනය සඳහා සහල් භාවිතය තහනම් කර තිබුණද, මෙරට බියර් නිෂ්පාදනයට වැඩි වශයෙන් සහල් යොදා ගැනීම සිදුවන බවයි. එය ද සහල් හිඟයට ප්‍රධාන හේතුවක් බවයි, මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.

    Latest News