දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස, මන්ත්‍රීවරු 18 ක්

සැප් 09, 2022

    මන්ත්‍රීවරු 18 දෙනෙක්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත් වීම් ලිපි ලබා ගත්තා.

    පත්වීම් ප්‍රදානය ඊයේ සිදු කෙරුණේ,  පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.

    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතායි. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සහන් ප්‍රදීප් විතාන, කළුතර දිස්ත්‍රික්කය සඳහා සංජීව එදිරිමාන්න, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා සම්පත් අතුකෝරළ, මාතර දිස්ත්‍රික්කය සඳහා නිපුන රණවක සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා චමල් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර තිබෙනවා. කුරූණෑගල දිස්ත්‍රික්කය සඳහා සමන් ප්‍රිය හේරත්, පුත්තලම දිස්ත්‍රික්කය සඳහා චින්තක මායාදුන්නේ, අනුරාධපුරය දිස්ත්‍රික්කය සඳහා එච් නන්දසේන, මහනුවර දිස්ත්‍රික්කය සඳහා ගුණතිලක රාජපක්ෂ, මාතලේ දිස්ත්‍රික්කය සඳහා නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එස් බී දිසානායක, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා සුදර්ශන දෙණිපිටිය, මොණරාගල දිස්ත්‍රික්කය සඳහා කුමාරසිරි රත්නායක, රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අකිල එල්ලාවල, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා රාජිකා වික්‍රමසිංහ, දිගාමඩුල්ල සඳහා ඩී වීරසිංහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා කපිල අතුකෝරළ යන මහත්වරු සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා.

    Latest News