1936 වසරේ සිට 1947 දක්වා දැදිගම රාජ්‍ය මන්ත්‍රීවරයා වූ ඩඩ්ලි සේනානායක මහතා 1947 සිට 1956 දක්වාත් 1960 සිට 1970 දක්වා වසර 27ක් දැදිගම මන්ත්‍රීවරයා ලෙසට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ කෘතහස්ත දේශපාලනඥයෙක් විය.
1965 සිට 1970 දක්වා රටවැසි සියලු දෙනාටම නොමිලයේ සතිපතා සහල් සලාකය ලබාදුන් සේනානායක මහතා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීම, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය පිහිටුවීම (බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය) සතර පොහෝ දින නිවාඩුව ලබාදීම, ගොවි හමුදාවක් ආරම්භ කිරීම ආදි ජාතික ආගමික ආර්ථික සේවා රැසක් මෙරටට දායාද කළ නායකයෙක් විය.
ඩඩ්ලි සේනානායක මහතා නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ පුතණුවන් වනවා.