විශ්වාසභංගයෙන් ආණ්ඩුව ජයගනී; පාර්ලිමේන්තු බලය තහවුරුවේ (වීඩියෝ)

ජූලි 11, 2019

    ජනතා විමුක්ති පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ආණ්ඩු පක්‍ෂය වැඩි ඡන්ද 27ලබාගනිමින් පරාජයට පත් කිරීමට සමත් විය.

    මේ සම්බන්ධ විවාදය ඊයේ (10) සහ අද (11) දිනයේ දී පැවැත්විණි. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද119 ලැබුණු අතර පක්‍ෂව ඡන්ද 92 ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද27කින් විශ්වාසභංගය පරාජය කරමින් ආණ්ඩු පක්‍ෂය ජය ගත්තේ ය. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්‍ෂය යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිතා කළේ ය. එක්සත් ජාතික පක්‍ෂය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේ ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූලි 2019 22:15

    Latest News