මෙගාවොට් - 1, සූර්ය බලාගාර 90ක්

ජූලි 12, 2019

    මෙගාවොට් 1 බැගින් වූ සූර්ය බලාගාර 90ක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානයක මහතා පවසයි.

    එම ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදන අනුමැතිය යටතේ ව්‍යාපෘති 76ක් සඳහා ටෙන්ඩර් පිරිනමා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී තුෂර ඉඳුනිල් අමරසේන මහතා විමසූ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    “පුනර්ජනනීය සූර්ය බලය භාවිතා කළොත් ස්ථීර ජනනයට වැටෙන්නේ නෑ.එකයි ප්‍රශ්නය තියෙන්නේ. මේක හැකි තරම් ප්‍රචලිත කරගෙන යනවා. මෙ.වෝට් 5 වැඩිය ගෙනවොත් අපි අනුමතිය දෙනවා. යම් විදියක ප්‍රමිති කරණයක් කර තිබෙනවා."

    “මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා- සූර්ය බල සංග්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. වසර 20 එක රේට් එකක් දීම තුළ අලුතෙන් නිවාස වහළ වල සූර්ය පැනට සවි කළාට පස්සේ මේ ජනනය කිරීම තුළ ලාභයක් ලබාගන්න බෑ කියලා සමාජය තුළ කැළබීමක් හට ගෙන තිබෙනවා. එම ප්ලැට් රේට් එකට යන ක්‍රියාවක් අනුගමනය කර තිබෙනවාද?"

    “අමාත්‍ය රවී කරුණායාක මහතා- මේ සම්බන්ධයෙන් 2015 අයවැයෙන් ආ යෝජනාවක්. එය ප්‍රචලිත කරන වැඩපිළිවෙලක් තියෙන්නේ. නොදැනුවත්ව සමාගම් දෙකක් කූට ක්‍රියාවක් නිසා රූෆ් ටොප් සංකල්පය නැති කරන්න හදනවා. හැම දෙනාටම එක මිලක් ගෙවන්න තීරණය කර තිබෙනවා. එයයි පුනර්ජනනීය බලශක්තියට ලබදී තිබෙන ශක්තිය."

    Latest News