W. D. J. - ජනපති අපේක්ෂක ධූරයට වෙල්ගමට වඩා මම සුදුසු

ජූලි 12, 2019

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම යෝජනා කරන්නේ නම් ඒ සඳහා වඩාත් සුදුසුකම් තමන්ට ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨතම නායකයා දිමු ජයරත්න මහතා බව ඔහු කියා සිටි. ඊළඟට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨත්වයේ සිටින බව ඔහු කියා සිටි.

    ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමේදී ජ්‍යේෂ්ඨත්වය පමණක් සලකා බැලීම නිවැරදි නොවන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න කියා සිටි.

    Latest News