ලක්ෂ 25ක ගංජා හේනක් 02 ක් සමඟ මාට්ටු

සැප් 23, 2019

    තණමල්විල, බලහරුව ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ.

    අක්කර කාලක පමන භූමි ප්‍රමාණයක අඩි හත හමාරක් පමන උස සරුවට වැවි තිබූ මෙම ගංජා හෙනේ පැල තුන්දහසකට අධික සංඛ්‍යාවක් තිබු බව පොලිසිය පවසයි.

    එහි වටිනාකම රුපියල් ලක්ෂ විසිපහ ඉක්මවන බවයි පොලිසිය පවසන්නේ. ගංජා හේන වගා කල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

    සියලුම ගංජා පැල පොලිස් නිලධාරීන් විසින් විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම වැටලීම මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මොනරාගල කොඨ්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප චරිත වලිසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඒකකයේ නිලධාරීන් වැටලීම සිදු කර ඇත.

    canbies1 px 900 192 09 23

    Latest News