මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයෙකුව සිටියදී අයථාව උපයාගත් මුදල් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනිමේ නඩුවට පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවේ නිලධාරියෙකු අද සාක්ෂි දී තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා අන්දමින් උපයගත් රුපියල් මිලියන 27 යොදවා මෙම නිවාස මිල දී ගෙන ඇති බව නීතිපති චෝදනා කර සිටි.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද නඩු විභාගය පැවැත්වුණා.

පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවේ පවතින ඔහුගේ ගිණුමට අදාලව එහි නිලධාරියෙකු සාක්ෂි ලබා දෙනු ලැබිණ. එ අනුව ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවේ මහින්දානන්ද අලුත්ගමගේට නමට ගිණුමක් ඇති බවත් එම ගිණුමට මුදල් බැරවීම් සිදුව ඇති බවයි. 

මහින්දානන්ද අළුත්ගමගේ මහතාට පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදි අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 වැය කර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපති විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Latest News