යුද්දෙට දිවි පිදූ සෙබළුන්

ඔක් 27, 2024
    ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් තම සෙබළුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන හමුදාව තහවුරු කරනවා.

    ඊශ්‍රායල හමුදාව ඉරානයේ ටෙහෙරාන් අගනුවරට මෙන්ම හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර සිදු කර ‍තිබුණේ ඊයේ අළුයම් කාලයේදී.

    ඉකුත් පළමු වැනිදා ඉරානය එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායල හමුදාව ඊයේ අළුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු එරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කළා.
    ඔක්තෝබර් පළමුවැනිදා ඉරානය ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල් 200කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළ බවයි වාර්තා වුණේ.
    ඒ වෙනුවෙන් සිය හමුදාව ඊයේ එල්ල කළ ප්‍රතිප්‍රහාරයන්හිදි ඉරානයේ මිසයිල නිෂ්පාදන කාර්මාන්ත ශාලා ද ඉලක්ක වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසනවා.
    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ සිදු කළ සිය මෙහෙයුම, ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීමට සිය සුදානම පෙන්නුම් කිරීමක් බවයි.

    Latest News