“ට්‍රාමි” පිලිපීනයේ 81 ක් බිලිගනී

ඔක් 26, 2024

    පිලිපීනයට බලපෑ “ට්‍රාමි” කුණාටුවෙන් මියගිය සංඛ්යායව 81 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    තවත් 20 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. එරට පොලීසිය පැවසුවේ, “බටංගාස්” පළාතේ 47 දෙනෙකු සහ “බිකෝල්” කලාපයේ 28 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මුදා ගැනීමේ මෙහෙයුම්වලදී නව හැවිරිදි සහ මාසයක් වයසැති ළදරුවන් දෙදෙනෙකු බේරා ගත් බව, පිලිපීන වෙරළාරක්ෂක බලකාය ඊයේ පැවසුවා‍.

    මේ වසරේ එරටට බලපෑ 11 වැනි සුළි කුණාටුව මෙයයි. ලක්ෂ 26 කට අධික ජනතාවකට කුණාටුවෙන් බලපෑම් ඇති වූ බව, ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය සඳහන් කරනවා.

    Latest News