වියළි කාලගුණය ලබන මස මැද දක්වා (වීඩියෝ)

පෙබ 08, 2020
  • දිවයිනට බලපා ඇති වියළි කාලගුණය ලබන මස මැද භාගය දක්වා පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එහෙත් ඉදිරි දින කිහිපය තුළ මඳ වැසි ඇතිවිය හැක. පවතින වියළි කාලගුණයෙන් ජන ජිවිතයට ද බලපෑම් එල්ලවී තිබේ. බොහෝ ප්‍රදේශවල ජල මූලාශ්‍රවල ජල මට්ටමේ අඩුවීමක් දක්නට ඇති බව අප වාර්තාකරුවන් පවසති. විදුලි බලාගාර ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවලට මාසයක පමණ සිට වැසි ලැබී නැත. විදුලි බලාගාර 5කට ජලය සැපයෙන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පහළ ගොස් තිබේ. අද පෙරවරු 6.00 වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම සටහන් වූයේ, පිටාර මට්ටමේ සිට අඩි 18ක් පහළින්. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සටහන් වූයේ පිටාර මට්ටමේ සිට අඩි 17.5ක් ලෙස පහළ අගයක් ගනිමින්.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා...

    “ඉදිරි දින කිහිපයේ විශේෂයෙන් 12,13,14 යන දිනවල තැනිත් තැන වැසි ස්වල්පයක් ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්‍ෂා කරන්නේ මාර්තු මැද කාලසීමාවේදී. දැනට දිවයිනට බලපාන ඊසාන දිග මෝසම් කාලපරිච්ජේදය තමයි තියෙන්නේ. පෙර වසරවලදී මෙම කාලයේදී මෙවැනි තත්වයන් තිබුණා කියලා පැහැදිලිව කියන්න පුලුවන්. දැනට අනාවැකිකරණය තුළ අපිට පේනවා ඉදිරි මාසයේ සාමාන්‍ය අගයට වඩා වර්ෂාපතනයේ අඩුවීමක් දකින්නේ. අන්තර් මෝසම් කාලපරිච්ජේදය තුළ දිවයිනට බලපාන වර්ෂාපතනය ලැබෙයි කියලා විශ්වාසය තමයි තියෙන්නේ“ යැයි අතුල කරුණානායක මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 20:17

    Latest News